නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව









ගිනිගහන පාන්දරක

රතුවෙච්ච ඇස් මැද්දෙ

නැවතිලා ඉන්න

කලු රාස්සයෙක්

මාව ගිලගන්න හදන කැත රාස්සයෙක්

(අමාල් ෆරූක්ටත් වඩා කැත)


එතකොට මට තනියට හිටියෙ ජෝයි විතරයි

මේ මං එයාට කිව්ව කතාව


කෆ්කගෙ පොතකටත් වඩා

පැරඩොක්සික් කතන්දරයක් මේක

ඩිප්‍රෙස් වෙච්ච කුරුල්ලො දකින

පැරනොයිඩ් හීන ඇතුලෙ දගලන

කුමාරිකාවො එකතුවෙලා හදන ලෝකෙක

මම මැරි මැරි ඉපදුනා

කතාව ඉවරයි


කාලෙකට කලින්

බිග් බෑන්ග් එකට පස්සෙ

ක්ශුද්‍ර අංශු කංසා දුම අස්සෙ හැංගිලා

ඩිමෙන්ශන් කඩාගෙන යද්දිත්

ආලෝක වර්ශ දෙකක් මෙපිටින් හිටපු

ඌ කිව්ව නිවන් යමු කියලා

ඒත් දැං බෑ නිදාගන්නොනෙ

Comments

Popular posts from this blog

කදෝපැනියෙකුගේ අවසාන විකාරය

Love..... no such thing