කදෝපැනියෙකුගේ අවසාන විකාරය

නිරර්තක හේතුපලදාමයක් වන විශ්වයේ අඩි තබන සචල්‍ය දුහුවිලි තරමටම මෙය අර්තරහිත වග දැන ගැඹුරු හුස්මක් හෙලා ඇසිල්ලක් ගතවද්දීත් මාගේ ආත්මය අලු වී අවසන්ය (ශරීරය වලදැමූවන් හූ තියමින් අලු කඩති) 

සිතැදගන්නා අතාර්කික සාවද්‍ය හීන රැසක අයිතිකරුවන් දුර්වර්න ලාමකයන්ගේ මනසට එන්නත් කරන කාලකන්නි විකාර තුන්වන පන්තියේ මංදාකිනියක ජීවත් වන නුඹ ඇතුලු සමස්ත ජාතිකොල්ලකරුවන් අසූචි මෙන් වලඳනු දැක කම්පා වී හදවත මැරී ඇත 

තමාගෙ ප්‍රතිරූපය ස්වයං වීනාශ කරගන්නා නිර්මල මනස් ඇත්තවුන් ආශක්ත කරගනිමින් "හීන් නූලෙන් බෙල්ල කපන" වින්දිත සමාජ ක්‍රමය තවදුරටත් ඔවුන් විසින් පවත්වාගෙන යෑම මා හට අපුල සහගතය 

සුචරිත ශුද්ධාත්මයන් ලෙස හැදගන්නා බහුතරයින් යතාර්තයට ප්‍රිය උන්ගේ මනස අවුස්සමින් සිතුවිලි අයාලේ යවමින් සිටියි මෙය පැතිර හමාරය අහේතුක මිත්‍යා වපුරන උන් අතරමැදි අවිහින්සාවාදීන්ගේ "සැබෑ ආතල් එක" හිරකර අගුල් දමා යතුර සදාචාරයේ ගිල්වා ඇත  

තවද උක්ත උන් නිසා වර්තමානය වලදාමින් (අස්තිර) ඉතිහාසය හා අනාගතය නිසා මහන්තතකම් පාන කසල ශෝදකයන් සුලභ වී ඇත එනිසා පුනර්ෆැන්ටසිය ගබ්සාවකට ලක්වී කුඩුවීම නිසා ඉකිගසන අභිසාරිකාවක ගොතන ලද මෙටල් සංගීතයේ පැටලී තහනම් ශුද්ධ දූමයෙන් යතාර්තය නාස්ති කරගනිමි

Comments

Popular posts from this blog

Love..... no such thing

නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව