Posts

කදෝපැනියෙකුගේ අවසාන විකාරය

නිරර්තක හේතුපලදාමයක් වන විශ්වයේ අඩි තබන සචල්‍ය දුහුවිලි තරමටම මෙය අර්තරහිත වග දැන ගැඹුරු හුස්මක් හෙලා ඇසිල්ලක් ගතවද්දීත් මාගේ ආත්මය අලු වී අවසන්ය (ශරීරය වලදැමූවන් හූ තියමින් අලු කඩති)  සිතැදගන්නා අතාර්කික සාවද්‍ය හීන රැසක අයිතිකරුවන් දුර්වර්න ලාමකයන්ගේ මනසට එන්නත් කරන කාලකන්නි විකාර තුන්වන පන්තියේ මංදාකිනියක ජීවත් වන නුඹ ඇතුලු සමස්ත ජාතිකොල්ලකරුවන් අසූචි මෙන් වලඳනු දැක කම්පා වී හදවත මැරී ඇත  තමාගෙ ප්‍රතිරූපය ස්වයං වීනාශ කරගන්නා නිර්මල මනස් ඇත්තවුන් ආශක්ත කරගනිමින් "හීන් නූලෙන් බෙල්ල කපන" වින්දිත සමාජ ක්‍රමය තවදුරටත් ඔවුන් විසින් පවත්වාගෙන යෑම මා හට අපුල සහගතය  සුචරිත ශුද්ධාත්මයන් ලෙස හැදගන්නා බහුතරයින් යතාර්තයට ප්‍රිය උන්ගේ මනස අවුස්සමින් සිතුවිලි අයාලේ යවමින් සිටියි මෙය පැතිර හමාරය අහේතුක මිත්‍යා වපුරන උන් අතරමැදි අවිහින්සාවාදීන්ගේ "සැබෑ ආතල් එක" හිරකර අගුල් දමා යතුර සදාචාරයේ ගිල්වා ඇත   තවද උක්ත උන් නිසා වර්තමානය වලදාමින් (අස්තිර) ඉතිහාසය හා අනාගතය නිසා මහන්තතකම් පාන කසල ශෝදකයන් සුලභ වී ඇත එනිසා පුනර්ෆැන්ටසිය ගබ්සාවකට ලක්වී කුඩුවීම නිසා ඉකිගසන අභිසාරිකාවක ගොතන...

Love..... no such thing

 මම මොහොතකට ජීවිත කවුලු විවර කොට පිටත බැලූයෙමි. රාත්‍රිය මුලුල්ලෙ පිනි බිංදු හා හිනැහමින් සිටී සේපාලිකා මල් උදෑසන තණ පියලි මත තැනින් තැන  විසිරී ඇති සේම ප්‍රේමයද දසත විසීරී ඇත.ප්‍රේමය ගැන කවි කතන්දර අදහස් ගීත බැලූ බැලූ අත විහිදී ඇත.නමුත් ඇත්තටම මේ ප්‍රේමයම ද?මම  මා තුළ ම ප්‍රශ්නකරන්නට විය. "May be LOVE is the most ingenuous expression of egoism"  ~ Friedrich Nietzsche Nietzsche ප්‍රේමය හදුන්වන්නෙ එහෙමයි. ඔහුට අනුව රෝමාන්තික ප්‍රේමය යනු  ගිජුකම සහ එකිනෙකාව තදින් අල්වාගැනීමට ඇති ආශාවට වඩාත් සමීප හැඟීමක් පමනයි. ඊර්ෂ්‍යාව වෛරය, හිමිකර ගැනීම වගේ සංකීර්ණ මානව හැගීම් හරිම අහිංසක විදියට අපි ආදරය කියන වචනය හරහා පිටකරනවා කියලයි නියට්ෂෙ කියන්නෙ.ඒ නිසා කොයිතරම්  බරපතල තුවාල අප තුළ ම ඇතිකරනවද කියන කාරනය ගැන හුඟක් වෙලාවට අපි නොදැනුවත්.මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත මුල් කාලයේ ඉදන්ම අපි ආදරය අදුනගෙන තියෙන්නෙත්,ආදරය කරන්නෙත්  අපි විසින්ම ආදරයට එකතු කරලා තියෙන මේ වැරදි අර්තයත් එක්ක. ඇත්තටම අපි ආදරය කියලා හිතාගෙන ඉන්නෙ මොකද්ද. බැදීම් වලින් තදින් ගැට ගැසුනු,  ඊර්ෂියාව, ව...

No gods no lies no politics

 හරි මෙහෙමයි  අපි මේ ජීවත් වෙන මහ පොලව උඩ අවුරුදු ගානක් තිස්සෙ දුවගෙන එන මේ සිවිලයිශේශන් එකත් එක්ක අපිට ඔය උඩ කියන තුන් දෙනාවම අත හරින්න බෑ මොකද ඔයා හොදටම දන්නව ඔය තුනෙන් එකක් අන්බැලන්ස් උනොත් මෙ සිවිලයිශේශන් එක වලපල්ලට යනව කියලා ඉතින් ඇයි මන් මේ තුන්දෙනාවම එපා කියල රිජෙක්ට් කරන්නෙ මට ඕනෙ මේ සිවිලයිශේශන් එක එන්ඩ් කරන්නද  ඔව් වෙන්න පුලුවන් නෑ වෙන්නත් පුලුවන් ඔය දෙකෙන් කොයික උනත් මම හෙට උදේම නැගිටල ඔෆිස් යන්නොනෙ මේ කර්ෆිව් අස්සෙත්  සෝ ෆක් දිස් ඩෑම්න් සිවිලයිශේශන් 1. නෝ ගොඩ්ස් ඔයා දන්නවනෙ ගෝඩ් එහෙම නැත්තම් දෙවියා සර්වබලදාරියා ජීසස්ගෙ තාත්ත, අල්ලහ්, සියුස්,තොර්ගෙ තාත්තා ඕඩ්න්, සක්‍රයා, මහ බඹා, (සාතන් (අහ් එයාව අමතක කරමුකො)  ඔය ඔකි මෙකි ලොකි හැමදෙනාම මානව සන්කල්ප හරියට මෙ නොට්පෑඩ් එකක් අස්සට වෙල මේ සිවිලයිශේශන් එක විනාස කරන්න හදන මන් වගෙ උන් එකතු වෙලා ගොඩනගපු සන්කල්ප හැබැයි උන් ඒව හැදුවෙ මෙ මලදානෙ ඉස්සරහට ගෙනියන්න,  සරුව පිත්තල ලෝකෙ ජීනියස්ලා වෙච්ච උන් ට්‍රයි කලේ උන් හැරුනු කොට මේකෙ එල්ලිල ඉන්න උන් සරලව කිවොත් නෝර්මීස්ල ටික පාලනය කරන්න (හරි හරි පොලිටික්ස් එයාව ...

පරලෝකෝත්‍යා

 මං විශ්වයේ පාවෙන අංශු කැබැල්ලක් නම් වල්ගා තරුවල එල්ලි කලු මුහුද විනිවිද දකින්නම් කලු කුහරයට යන කාල මාත්‍ර අල්ලා ගිනි තියන්නම් ශූන්‍ය ආලෝකධාරවල අතරමං වෙන්නම්, ඊට පස්සෙ නිශ්චිත දුශ්ශිත අස්සිල හැගුමන්  භශ්මික රශ්මිය හිස්කල රැගුමන්  විස්සිල අස්ලිල බස්විද කෙරුමන්  අශ්විද තුස් හිල මස්කර පලයන්  නියලන් දැරුවට වාචික පරඩැල්  නිය පහරට උන් අසූචි මඩවල්  දඩවල් ගැහුවට උච්ච්ත ලදරුන්  රැස්විය මහජන කෙරුමට රජ උන් සම්මක් දෘශ්ටික නැතුවද දැක්කෙ රැස් සවනක්  දුන්නත් අස්ථිය බිදන් සැදුවත් රන් දුන්නක්  බැම්මත් බින්දා ඇතුවද මද පවනත්  නිවනත් සින්දා කෝ දැන් ඌ අරහත්

සිස්ටම් එරර්

මගෙම ලේ බොන ගමන් ලිව්වා කවියක්  නෑ මගෙම ලේ වලින් මං ලිව්වා කවියක්  නිය පාරට සීරිලා වැටෙන ධමනියෙන් සිය පාරක් පෙරලා ගත්ත ලේ වලින්   දුශ් "සමය" ගිනි තියාගෙන  එලිසමය දත විකාගෙන ලිව්වා කවියක් නෙමේ ටීකාවක් දන්නෑ ලියන්න භාශාවක් තියෙන්නෙ තනිවෙන්න ආසාවක් හොයන්නෙ හැමෝම කාශාවත් "දශාවක් දැන් ඌ දාසාවස් නමුත් නොදනිත් දූශාවන්  මදිවට චතුර් පූර්ව මායාවන් උපදී පුතුන් නැතුවත් කාමාශාවක් වින්දිතව සුවසේ සිටියා  නින්දිතව රහසේ පැනයා දිය දහරක්, විය පහරත්, නො අසන ලය වහරත් සීරි  කිය බහරත්, නිය පහරත්, නොදකින "මහ අරහත්" අසිරි" 2500 years later  විදවත් උබට ඕනෙ මරනයක්  සිල්ගත් හිතට නැද්ද සාමයක්  කාමයක් නැද්ද කාමයක්  ආදරේ ආදරේමලු රෙද්දෙ කාලයක්  සින්දා වට පවුරු බින්දා නියමනයන්  කින්ද මගෙ සොයුරු නින්දා නියගයන්  විහගයන් ඉගිලෙති අහසේ  පහසෙ ඉදුවක් පහසේ  දැල් බැදි දෑසින් කපයි උන් වහ සේ  නැහැසේ දැවෙයි උන් නිදහසේ  වින්ද රජ සැප ශුන්යයි ආගම් මංදා විලමැද වැටිලා(ද) ලාඩන් තාඩං පීඩන් උහුලන් බරටම  කාපං බීපන් වැට් එක සැරටම  වැලලිය...

මී ට

 වලාකුලු බැම්මෙන් එහා  ජීවත් වන්නන් හට අතීතය රසවිදින්නට වචන වලට  සීනි කවලම් කල යුතුය  හිත් මානයට හිරවීමට පෙර  නැවතත් උපදීවි  කරුනාකර  පරස්පරවිරෝදී බවෙන් තොරව  රසබරව මියයන්න  - ඔබ අමතක කරවූ මම-

ගෝර්

 දෙවියන් මා කැදෙව්වේය  හිස් පිං පොත දෙස බලා මා මාරාදමන්නට නියෝග කලේය ඔහු මරා දැමූ පවුකාරයන්ගේ ලැයිස්තුව බලා මම  ඔහුව මරාදැමුවෙමි අවසන පව් පිං ශූන්‍ය වී  නිවන හමුවිය