Love..... no such thing
මම මොහොතකට ජීවිත කවුලු විවර කොට පිටත බැලූයෙමි.
රාත්‍රිය මුලුල්ලෙ පිනි බිංදු හා හිනැහමින් සිටී සේපාලිකා මල් උදෑසන තණ පියලි මත තැනින් තැන විසිරී ඇති සේම ප්‍රේමයද දසත විසීරී ඇත.ප්‍රේමය ගැන කවි කතන්දර අදහස් ගීත බැලූ බැලූ අත විහිදී ඇත.නමුත් ඇත්තටම මේ ප්‍රේමයම ද?මම මා තුළ ම ප්‍රශ්නකරන්නට විය.
"May be LOVE is the most ingenuous expression of egoism"
~ Friedrich Nietzsche
Nietzsche ප්‍රේමය හදුන්වන්නෙ එහෙමයි.
ඔහුට අනුව රෝමාන්තික ප්‍රේමය යනු ගිජුකම සහ එකිනෙකාව තදින් අල්වාගැනීමට ඇති ආශාවට වඩාත් සමීප හැඟීමක් පමනයි. ඊර්ෂ්‍යාව වෛරය, හිමිකර ගැනීම වගේ සංකීර්ණ මානව හැගීම් හරිම අහිංසක විදියට අපි ආදරය කියන වචනය හරහා පිටකරනවා කියලයි නියට්ෂෙ කියන්නෙ.ඒ නිසා කොයිතරම් බරපතල තුවාල අප තුළ ම ඇතිකරනවද කියන කාරනය ගැන හුඟක් වෙලාවට අපි නොදැනුවත්.මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත මුල් කාලයේ ඉදන්ම අපි ආදරය අදුනගෙන තියෙන්නෙත්,ආදරය කරන්නෙත්
අපි විසින්ම ආදරයට එකතු කරලා තියෙන මේ වැරදි අර්තයත් එක්ක.
ඇත්තටම අපි ආදරය කියලා හිතාගෙන ඉන්නෙ මොකද්ද. බැදීම් වලින් තදින් ගැට ගැසුනු, ඊර්ෂියාව, වෛරය, තදින් අල්වා ගැනීම් වලින් වඩ වඩාත් පෝෂණය වෙන හැගීමක් නෙවෙයිද අපි ආදරය කියලා නම් කරන්නෙ.
Arthur Rimbaud මෙහෙම කියනවා.
"Love...no such thing.
Whatever it is that binds families and married couples together, that's not love. That's stupidity or selfishness or fear. Love doesn't exist.
Self interest exists, attachment based on personal gain exists, complacency exists. But not love. Love has to be reinvented, that’s certain"
Rimbaud ගේ අදහසත් Nietzscheගෙ අදහසට සමාන අදහසක්.ඒත් එයා එක වැදගත් යොජනාවක් ඉදිරිපත් කරනවා. එයා කියනවා ආදරය නැවත නිපදවිය යුතුයි කියලා.ඒත් ඒ කොහොමද. ආදරය කියලා අපි මවාගෙන ඉන්න මේ හිතලුව ඇතුලෙම ආය ආයම කිමිදෙමින් ඉන්නවා ඇරන්න අපි හිතලා තියෙනව ද ආදරය ඇතුලෙ තියෙන මේ අවුල ගැන සහ ආදරය අලුතෙන් නිර්මානය කරන්න එහෙමත් නැත්නම් ආදරයට අලුත් අර්තයක් එකතු කරන්න පුලුවන් විදියක් ගැන.
මං දැකලා තියෙනවා Love is a lie එහෙමත් නැත්නම් Love is a pain කියලා විශ්වාස කරන, ආදරයට බැන වදින සමහර පිරිස්. හුගක්ම ඒ තරුන අය.
රැවටීම් වෙන්වීම් හමුවෙ ඔවුන් බැනවදින්න තෝරගන්නෙ ආදරයට.ඇත්තටම ප්‍රශ්නය තියෙන්නෙ ආදරයෙ නෙවෙයි. අපි ආදරය කියලා තේරුම් අරගෙන තියෙන වැරදි අර්තය ඇතුලෙ.
" Love is not a relationship, love is a state of being; it has nothing to do with anybody else. One is not "in love", one is love. And of course when one is love, one is in love – but that is an outcome, a by-product, that is not the source. The source is that one is love"
~ Osho
ඕෂෝ ආදරය ගැන ඉදිරිපත් කරන මේ අදහස හරිම විශේෂයි.ආදරය පැවතිය යුත්තේ අප තුළමයි.අපට අනෙකාගෙන් ආදරය පෙරලා ලැබෙනවාද නැද්ද යන්න නොසලකා,අප තුළවන ප්‍රේමය පිටතට බෙදාදෙන්න අපිට පුලුවන් නම්,කිසිම කොන්දේසියකින් තොරව! අපි ආදරය පිටතට දෙන්නන දෙන්න අපේ හදවත සහ අභ්‍යන්තරය ආදරයෙන් පිරෙනවා පමනයි.
ඒ ප්‍රේමයට අවසානයක් නැහැ.
එවිට වේදනාව, රිදවීම් අපිට දැනෙන්නෙ නෑ.මොකද හදවතේ ඉඩ තියෙන්නෙ ප්‍රේමයට විතරක් නිසා.මලක් තමන් වෙතට එන සියලුම සමනලුන් ඹබරුන් සැඩ සුළං මේ හැමදේම එකලෙස දරාගෙන සිය සුවද සහ ලස්සන විතරක් ලෝකයට විහිදුවන්න තෝරගෙන තියෙනවා.
ප්‍රේමයත් ඒ වගේමයි.ඕෂෝ පවසන පරිදි කෙනෙකු ප්‍රේමයෙන් ජීවත්වනවා වෙනුවට ප්‍රේමයව ජීවත්වන විට ඔහු එපිට ලෝකයට බෙදා දෙන්නේ ප්‍රේමයම විතරයි.
මං හිතනවා Rimbaud යොජනා කරපු විදියට ආදරය ප්‍රති නිර්මානය කරන්න වගේම, මෙච්චර කාලයක් අපි ආදරය කියලා නම් කරපු හැගීම් ගොන්න එකින් එක ලිහලා අරගෙන ආදරයට ආදරය විදියට පවතින්න අවශ්‍යය හැගීම්වලින් අපේ හදවත් පුරව ගන්න අපි ළඟම තිබිලත් අපි නොදැක හිටපු, අපි හුගක් වෙලාවට වෛරය පතුරුවන්න විතරක් යොදාගත්තු කලාව සාහිත්‍ය සහ ආගම මීට වඩා වෙනස් විදියකට නව පරපුරෙ ආධ්‍යාත්මයට සමීප වෙන්න ඉඩ දිය යුතුයි කියලා.
"I'm so sick of singing about hate
It's never going to make me change
It breaks me down bit by bit
Keeps me steadily feeling sick"
~ Bury my bones by Pure Love
Comments
Post a Comment