සිස්ටම් එරර්
මගෙම ලේ බොන ගමන් ලිව්වා කවියක්
නෑ මගෙම ලේ වලින් මං ලිව්වා කවියක්
නිය පාරට සීරිලා වැටෙන ධමනියෙන්
සිය පාරක් පෙරලා ගත්ත ලේ වලින්
දුශ් "සමය" ගිනි තියාගෙන
එලිසමය දත විකාගෙන
ලිව්වා කවියක් නෙමේ ටීකාවක්
දන්නෑ ලියන්න භාශාවක්
තියෙන්නෙ තනිවෙන්න ආසාවක්
හොයන්නෙ හැමෝම කාශාවත්
"දශාවක් දැන් ඌ දාසාවස්
නමුත් නොදනිත් දූශාවන්
මදිවට චතුර් පූර්ව මායාවන්
උපදී පුතුන් නැතුවත් කාමාශාවක්
වින්දිතව සුවසේ සිටියා
නින්දිතව රහසේ පැනයා
දිය දහරක්, විය පහරත්, නො අසන ලය වහරත් සීරි
කිය බහරත්, නිය පහරත්, නොදකින "මහ අරහත්" අසිරි"
2500 years later
විදවත් උබට ඕනෙ මරනයක්
සිල්ගත් හිතට නැද්ද සාමයක්
කාමයක් නැද්ද කාමයක්
ආදරේ ආදරේමලු රෙද්දෙ කාලයක්
සින්දා වට පවුරු බින්දා නියමනයන්
කින්ද මගෙ සොයුරු නින්දා නියගයන්
විහගයන් ඉගිලෙති අහසේ
පහසෙ ඉදුවක් පහසේ
දැල් බැදි දෑසින් කපයි උන් වහ සේ
නැහැසේ දැවෙයි උන් නිදහසේ
වින්ද රජ සැප ශුන්යයි ආගම්
මංදා විලමැද වැටිලා(ද) ලාඩන්
තාඩං පීඩන් උහුලන් බරටම
කාපං බීපන් වැට් එක සැරටම
වැලලියන් තොපිනම් නොබලම පෘතිවිය
මෙකෙන් නෑ දැන් උබලට අයිතිය
Comments
Post a Comment