කැෆේන් සෙන්සටිව් හිත මැරීම හෙවත් නිර්වාණය
ෆේඩ් වුනු කාල රේකාවක් දිගේ
කලුකුහර සහ සුපනෝවා පහුකරමින්..
ඇය නිද්‍රාපත් කල කැෆේන් බිඳට,
ශාප ලැබූ පවට,
සුපිරිසිදු ශුද්ධාත්මයක්
පිටුවහලින් කරන
ලෝකල් ශටලයක් ඉබි ගමනක
ඉන්ටස්ටෙල හීන අතරින්,
මනෝභ්‍රමික විශ්වයන් පහුකරමින්...
දූසර මගක් වෙනුවට
වර්ණ පැරඩොක්ස් අතරින්
යන්තමින් නොස්තෙල්ජියාවට
නොස්තෙල්ජියාවෙන් අතරමං වූ
හිත රැගෙන කොස්මික්හි තනිකොට,
ඔක්සිජන් නොමැතිවම මරාදැමිමි.
දැන් යලි නොඉපදෙන්නට
පෙරුම් නැති නිසාවෙන්ම නිවන් යමි.

Comments
Post a Comment