හේතුසහගත විග්‍රහයක්


අහේතුකත්ව යාමයක

ශූන්‍යත්වයේ රංග ශාලාවේ

තප්පර කටුවට

මැදෑඟිලි ආචාර කල

නිමේශයක


ප්‍රේක්ෂකාගාරයේ අන්ත කෙලවරේ,

පරමානු වලටත් හීන කැවූ

ස්ව්තියක් සමග

තුංගාධික හෝමෝන සහ

තනිවූ නිශාචරායෙක්


"යටගිය ශිෂ්ටාචාරයේ

මහා බැම්ම බිද වැටුනෙ

සමූහ සියදිවිනසාගැනීමකින්?

අංශු කුඩක ප්‍රපංචයක

සදහනක් නොකරම? "


නාටකාගාරයේ මෑත කෙලවරේ,

නිදි සයනක, මෙථූනයක් අවසන

ග්ලිසරින් මතින්

රූරා වැටෙන තොල් සායමක්

සමග රූබරියක්


"භෙ අස්තිත්වාදීන්

භවිශ්‍යත් නොතකා

අතීතය කාලයේ වල දැමුවා

හැකිනම් සත්‍ය ප්‍රත්‍යානයනය කරවන්න

චක්‍රවාටය වැනසෙන්න කලින්"


හඃ හඃ හඃ

පිස්සෙක්ගෙ කතා අහන්න

මේ ග්‍රහලෝකෙ සින්තටික් උන්දලට

වෙලාවක් නෑ සිස්

Comments

Popular posts from this blog

නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව

කදෝපැනියෙකුගේ අවසාන විකාරය

විශාදි