තටු කැඩුනු කනාමැදිරි හීන

 

වලාකුලක පාවෙන සිතුවිල්ලක් 

ගෙත්තම් වෙන ආදරයක්

ඈ කෝඩුකාර ෆැන්ටසියක්  

මේක බොලඳ හීනයක්


විස්තර නැති අහේතුක දෑසක්

විපරමක් නැති කාලකන්නි බැල්මක්

වැරහැල්ලක් දරු දෙදෙනෙක්

කාසි නැති වීදියේ වැලි කැටයක්


ලොකු දුමක් සූස්තියක් 

නෑ නෑ ලේ විලක් විලාපයක්

අකාලේ වැටුනු උල්කාවක්

ආගමක් නැති මලගමක්


ජීවිතයත් විපරිත ෆිලටරක්

න්‍යාය නොදන්න භීතියක්  

කාලයෙන් සූර්යයාට මැද ඇගිල්ලක්

සොහොන අසල තටු කැඩුනු 

කනාමැදිරියෙක්


-කාලකන්නිනෙක්-

Comments

Popular posts from this blog

කදෝපැනියෙකුගේ අවසාන විකාරය

නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව

Love..... no such thing