පිං බිම

 වියලී යන මහපොලවෙ

වේදනාවත් සමග 

පැනනගින සිතුවිලි මහා විප්ලවයක

ගිම්හානයේ අදුරුම හැන්දෑවක

වේලාසනම මියැදන ජීවයක්


ඔවුන් සිටියා හෝ නොසිටියා කියා

මේ මගුල් වෙනස්වන්නෙ නැත 

හිතුමතේ මත්වන්නන්ට

ලෝකයම හෙනතියන විට 

අපගේ වියෝවන්ට දුක්වන්නට එකෙක් නැත


මම ලියපු කවියක් 

අගය නොකරපු ලෝකයක් මේ

අතදරු සන්දියෙම 

මාව අතරමං කරපු ආදරයක්

අද හෙටම මැරෙනව මං

මාව කාලකන්නි කරපු

මේ පිංබිමට පින්සිද්ද වෙන්න 

Comments